සිකුරාදා, 28 අප්‍රේල් 2023 21:57

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවුලක… කොමර්ෂල් බැංකුවයි හැටන් නැෂනල් බැංකුවයි විරෝධය පළ කරයි Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනිවාර්ය කොන්දේසියක් වන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙරට බැංකු කිහිපයක්ම සිය අප්‍රසාදය පළ කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අවධාරණය කොට ඇත.

‘යාහූ’ පුවත් සේවය පවසන්නේ හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් බැංකුව දැනටමත් ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කොට ඇති බවකි.

හැටන් නැෂනල් බැංකුව එහිදී අනතුරු අඟවා ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකුවල ප්‍රාග්ධනය හානි වීමට හේතු වනු ඇති බවත්, බැංකුවලට පාඩු පියවා ගැනීමට වැඩි මුදලක් වෙන් කිරීමට බල කෙරෙනු ඇති බවත්ය.

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, “දැනටමත් බැංකු අංශය කෙරෙහි විශාල හානියක් කරමින් සිටින බවයි.

“ද්‍රවශීලතාවය සහ ව්‍යවස්ථාපිත හේතූන් මත, අපට බිල්පත් සහ බැඳුම්කර කිහිපයක් තිබිය යුතුය. එයද කපා දැමීමකට ලක්වන්නේ නම්, කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව නැති විය හැකිය.’ යනුවෙන් ඔහු පවසා ඇත.

පුවතට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න.

https://finance.yahoo.com/news/sri-lanka-risks-imf-roadblock-031224703.html

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website