සෙනසුරාදා, 29 අප්‍රේල් 2023 20:02

විමල් සහ ලාල්කාන්ත එක මතයක Featured

පසුගිය වසරේ ගාලුමුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ඇරගලය පසු පස සිට එය මෙහෙයවන ලද්දේ කොළඹ ඇමරිකානු තානාපති ‘ජූලි චන්ග්’ බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කරන ලද ප්‍රකාශය සත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ විමල් විරවංශ මහතාගේ එම ප්‍රකාශය ඔහුගේ හිතේ පල වූ අදහසක් පමණක් බවත් එය ඇත්ත සේ සිතා පොත ලියා ඇති බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේසේ කියා සිටියේය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website