ඉරිදා, 30 අප්‍රේල් 2023 21:21

ආණ්ඩුවේ ඉහළම තැනකින් ලද උපදෙස් මත මැයි දිනය දා රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවුරුදු උත්සව යොදාගෙන Featured

2023 වසර සඳහා වන අවුරුදු උත්සවය මැයි මස 01 දා සඳුදා දිනයේදී සංවිධානය කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් රැසකට වාචික හෝ අවිධිමත් උපදෙස් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ලබාදී ඇති බවත් අග්‍රමාත්‍ය කාර්යාලය මෙම කටයුතු සම්බන්ධිකරණය කරන බවත් වාර්තාවේ.

මෙවර මැයි රැලිය පොදුජන එක්සත් පෙරමුණට වෙනදා මෙන් පැවැත්වීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇති අතර තමන්ගේ කැම්පිටියේ පැවැත්වෙන මැයි රැලිය අසාර්ථක වන බව දැනගත් පසු රාජ්‍ය සේවකයින්ට විපක්ෂයේ මැයි රැලි සදහා සහභාගීවීම වැලැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් සේවකයින් පවසයි.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ මෙන්ම අනෙකුත් පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක්ම මැයි දිනය දා අවුරුදු උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් මීට පෙර එය සාමාන්‍ය සම්ප්‍රදායක් නොවූ බවත් එම වාර්තාවේ.

මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෘත්තීය සමිති සාමාජිකයින් පවසා ඇත්තේ තම පවුලේ සාමාජිකයින් සමඟ අවුරුදු උත්සවයට සහභාගී වන ලෙස සේවකයින්ට දන්වා ඇති බැවින් රජයේ සේවකයින් මැයි දින රැළිවලට පැමිණීම වැළැක්වීමට මෙම ලාභ ප්‍රයත්නය රජය විසින් දරා ඇති බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහරගම සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් අප වෙත පවසා සිටියේ තම කාර්ය මණ්ඩලයට අවුරුදු උත්සවයට අදාල එක් එක් වගකීම් පවරා සහ නැටුම් , ගැයුම් ආදී විශේෂාංග වලට නිලධාරීන් හා ඔවුන්ගේ දරුවන් යොදවා ගනිමින් මෙම උත්සවය මගහැරීමට නොහැකි වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරු කටයුතු කර ඇති බවයි.

පසුගිය දිනවල සතියට දින කිහිපයක්ම මහරගම ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ගොස් අගමැතිවරයා මෙම කටයුතු නීරීක්ෂණය කල බවද වාර්තාවේ..

CX

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website