ලොව පුරා කම්කරු ව්‍යාපාරය සිය 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය සමරද්දි ඊට සමගාමිව ලංකාවේ මැයි දිනය මුලික වශයෙන්ම ලංකාවේ දේශපාලන පක්ෂ ප්‍රධාන කොට අද සැමරෙමින් තිබේ.
1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් 'හේමාකට් අරගලය' ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හැඳින්වෙන අතර, ලොව පුරා මැයි දිනය හෙවත් කම්කරු දිනය සැමරීමට ද බලපෑවේ එම සටන යි.
එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබූ අතර, වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්විය.
ලංකාවේ පළමු මැයි රැළිය
1890 සිට ලන්ඩනයේ කම්කරුවෝ මැයි දින සමරුව ආරම්භ කළ අතර මෙරට මැයි දින සැමරුම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ ඒ. ඊ. ගුණසිංහ විසිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ 1927 වසරේ දී ය. කම්කරු ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි මෙරට පළමු මැයි රැළිය 1933 වසරේ දී පවත්වා ඇති අතර එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගොස් ඇත.
මුද්‍රණ කම්කරු වර්ජනයෙන් බිහි වු මුල්ම වෘත්තිය සමිතිය
ලංකා ඉතිහාසයේ පළමු සංවිධිත කම්කරු අරගලය ලෙස හැඳින්වෙන්නේ එච්. ඩබ්ලිව්. කේව් සහ සමාගමේ මුද්‍රණ කම්කරුවන් 1893 දී කළ වැඩ වර්ජනය යි.
පුවත්පත් කාර්යාලවල සහ මුද්‍රණ සමාගම්වල සේවයෙහි යෙදුණු මුද්‍රණ කම්කරුවෝ හා පොත් බඳින්නෝ දහසකට වඩා මෙම සටනට එක් වී ඇත.
එම අසාර්ථක වර්ජනයෙන් පසුව 'මුද්‍රණ කම්කරුවන්ගේ සංගමය' නමින් මෙරට ප්‍රථම වෘත්තිය සමිතිය පිහිටවූ අතර ඉන් ආරම්භවූ මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය වසර 130ක් පමණ දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.
පළවෙනි කම්කරු සටන් ජය හා විශාලතම වර්ජනය
භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රධාන මාධ්‍යය වූ කරත්තකරුවන් වැඩ වැරීමෙන් කොළඹ නගරය අකර්මන්‍ය විය.
1906 අගෝස්තු මස 13 වැනිදා පන්දහසක පමණ කරත්තකරුවන් දියත් කරන ලද මහා වැඩ වර්ජනය කම්කරු සටන් ඉතිහාසය තුළ වැඩ වර්ජනයකින් විශිෂ්ට ජයක් අත්කරගත් පළමු වැනි අවස්ථාව ලෙස සැලකෙයි.
කරත්තයක් දක්කාගෙන යන අවස්ථාවේ බෝන් ලීයේ හෝ කරත්තය උඩ වාඩිවී යාම තහනම් කරමින් කොළඹ නගර සභාව විසින් කරත්තකරුවන්ට පැනවූ රෙගුලාසියට විරුද්ධව මෙම වැඩවර්ජනය දියත් කර ඇති අතර ඉන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කරත්තකරුවන්ට හැකි විය.
එසේම කොළඹ වරායේ කම්කරුවන් 5000ක් 1920 මාර්තු 20 දා ඇරඹි වැඩ වැරුම මෙරට වෘත්තිය සටන් ඉතිහාසයේ ප්‍රථම විශාලතම වැඩ වර්ජනය ලෙස සටහන්ව ඇත.
දිනකට රුපියල් දහයකින්වත් වැටුප් වැඩිකර දෙන ලෙස ඉල්ලමින් 1980 ජූලි 05 වැනිදා ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනය මෑත ඉතිහාසයේ පාලකයන් විසින් කම්කරුවන් විශාල පිරිසක් දොරට දැමූ අවස්ථාවක් ලෙස ඉතිහාසයේ ලියවී ඇත.
පොලිස් වෙඩි පහරින් මළ පළමු වතු කම්කරුවා
1940 ජනවාරි 12 වැනිදා වතු කම්කරුවකු බිලි ගත් මුල්ඔය වතු කම්කරු සටන ද මෙරට කම්කරු සටන් ඉතිහාසයේ තේ දල්ලේ ලේ ගෑවුණු සටනකි.
වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කාලය මිඩංගු කළ ජෙගනාදන්ගේ හා ඔහුගේ බිරිඳගේ ස්ථාන මාරුව අවලංගු කිරීමත්, දෛනික වැටුප ශත 16කින් වැඩි කිරීමත් ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින් වතු කම්කරුවන් සිය අරගලය දියත් කර තිබුණි.
මුල්ඔය වැඩ වර්ජිත කම්කරුවන් කර්මාන්ත ශාලාව අසලට රැස් වී සටන් පාඨ කියමින් මාර්ගය දිගේ ඉදිරියට ගමන් කරද්දි එල්ල කරන ලද පොලිස් වෙඩි පහරින් ගෝවින්දන්ට සිය ජිවිතය අහිමි විය.
කම්කරු සටනක දී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ මෙරට ප්‍රථම වතු කම්කරුවා වන්නේ ගෝවින්දන් ය.
1980 ජූලි 05 වැනිදා ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනය මෑත ඉතිහාසයේ පාලකයන් විසින් කම්කරුවන් විශාල පිරිසක් දොට්ටු දැමු අවස්ථාවක් ලෙස ඉතිහාසයේ ලියවී ඇත.
හතලිස්දාහක් දොට්ට දැමු ජුලි වර්ජනය
දිනකට රුපියල් දහයකින්වත් වැටුප් වැඩිකර දෙන ලෙස ඉල්ලමින් 1980 ජූලි 05 වැනිදා ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනය මෑත ඉතිහාසයේ පාලකයන් විසින් කම්කරුවන් විශාල පිරිසක් දොට්ටු දැමු අවස්ථාවක් ලෙස ඉතිහාසයේ ලියවී ඇත.
ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ රජය විසින් වර්ජනයට එක්වූ සේවකයන් 40,356 දෙනකුගේ රැකියා අහිමි කරන ලද අතර, පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානිකර ගනු ලැබීය.
එමෙන්ම වර්ජකයන් විසින් රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව අසල පැවැත්වූ උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක් එල්ලවූ අතර එහිදි පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල කම්කරුවාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ගේ සටන්වලට පිටුබලයක් ලබා දුන් සටන ලෙස 1940 ජනවාරි 10 වැනිදා හේවාහැට ආසනයේ මුල්ඔය වත්තෙන් පැන නැඟුණු කම්කරු සටන සැලකිය හැකිය.
රොෂේන් චානක
2011 වසරේ දී මහින්ද රාජපක්ෂ රජය විසින් සම්මත කර ගැනීමට උත්සාහ දැරූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් රට පුරා ඇවිළී ගිය කම්කරු සටන් ද මෙරට කම්කරු සටන් ඉතිහාසයට සුවිශේෂී ලකුණක් එක් කළේය.
එම පනතට විරුද්ධව කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක පිරිස් විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිස් සේනාංක විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ගොදුරුවීමෙන් රොෂේන් චානක රත්නසේකර මරණයට පත් වූයේ 2011 මැයි මස 30 වැනිදා ය.
"වීර පොන්සිනාහාමි" කම්කරුවන්ගේ වීරවරිය
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය විමසන විට වෘත්තීය අරගලවලට හවුල්වෙමින් කම්කරු සටන්වලට දායකත්වය දුන් කාන්තාවන් කිහිප දෙනෙකු හමුවන අතර, ඒ අතරින් එදිරිවීර ආරච්චිගේ පොන්සිනාහාමි සුවිශේෂි ස්ථානයක් උසුලයි.
එවක තරුණියක් වු ඇය 1929 ට්‍රෑම්කාර් වර්ජනය පෙරට යමින් තිබිය දී වැඩ වැරූ කම්කරුවන්ට සහයෝගය දෙමින් රථ වාහනයට අවහිර කරමින් ට්‍රෑම් පීලි හරහා වැතිර සිටි බවට කම්කරු ඉතිහාසය සාක්ෂි දරයි.
ඇගේ නිර්භය වීරත්වය නිසාම කම්කරුවන් විසින් ඇය හඳුන්වනු ලැබ තිබෙන්නේ "වීර පොන්සිනාහාමි" යනුවෙනි.
එක්සත් කම්කරු සම්මේලනය නියෝජනය කළ ඇයගේ සටන්කාමීත්වය නිසාම ඇයට සිර දඬුවම් විදීමට ද සිදුව ඇති අතර කම්කරු සටන් වෙනුවෙන් ඇය දැක්වූ දායකත්වය නිසාවෙන් ජාත්‍යන්තර ඇගයීමට ද ලක්ව ඇතැ යි ඉතිහාසයේ කියැවේ.
ඉතිහාසයේ දී කම්කරුවන් සටන් වැදී ජීවිත පූජා කරමින් වත්මන් කම්කරුවන්ට දිනා දුන් අයිතීන් බොහෝමයකි. අනාගත කම්කරුන් හට වඩා සුබදායි අනාගතයක් උදාකර දීමට ක්‍රියාකරලීමේ වගකීම වත්මන් කම්කරු ව්‍යාපරයට පැවරී ඇත්තේ උරුමයක් ලෙසිනි.
bbc