අඟහරුවාදා, 02 මැයි 2023 22:16

60 පැන්න හෙද නිලධාරීන් විශ්‍රාම යැවීම: අභියාචනාව සලකා බැලීම 9 දා Featured

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීම ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති විශේෂ අභියාචන පෙත්සම මෙම මස 9 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙසේ නියෝග කළේ මෘර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අභියාචන පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අභියාචනාධිකරණය මගින් නිකුත් කළ අතුරු නියෝගය බල රහිත කර රිට් පෙත්සම ඉවත දමන ලෙස සිය අභියාචන පෙත්සමෙන් නීතිපතිවරයා ඉල්ලා ඇත.

 

රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website