බදාදා, 03 මැයි 2023 20:20

ඛනිජ තෙල් සමාගම නොදන්වා සැපයුම්කරු මාරු කරලා Featured

ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරකින් තොරව වෙනත් සමාගමකට බොරතෙල් සැපයීමේ අවස්ථාව දී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම දෙවැනි සමාගමෙන් බොරතෙල් ලබාගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරයි.

අදාල දෙවැනි සමාගමෙන් බොරතෙල් මිලදීගැනීමට නීතිපතිවරයා සහ බොරතෙල් මිලදී ගැනීමේ විශේෂ ප්‍රසම්පාදන කමිටුව විරෝධය දක්වා ඇති බවත් එම දෙවැනි සමාගමෙන් බොරතෙල් මිලදීගැනීමට ඛනිජ තෙල් අමාත්‍යංශය නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් වෘත්තීය සමිති හෙළි කරයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි සමාගමට මෙම වසරේ පළමු මාස හතරේ බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය පිරිනමා තිබූ බව කියන වෘත්තිය සමිති පසුගිය මාර්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බොරතෙල් නැව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේම ‘පොන්ටස් ටේ්‍රඩින්’ නැමැති සමාගමකින් සපයා ඇති බව ද සඳහන් කරයි.

බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම හැර වෙනත් සමාගමකින් බොරතෙල් මිලදීගැනීම නීතිවිරෝධී බව කියන වෘත්තිය සමිති පවසන්නේ අදාල කොරල් එනර්ජි සමාගම වෙනත් සමාගමකට බොරතෙල් සැපයුම මාරු කිරීමට ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා තිබුණ ද අවසර නොලැබුණු බවත්ය.

 

යොහාන් භාසුර

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website