බදාදා, 03 මැයි 2023 20:51

“ජනගහනයෙන් 25%ක් විටමින් D ඌනතාවයෙන්” – බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය Featured

මෙරට ජනගහනයෙන් සියයට 25ක් විටමින් D ඌනතාවෙන් පෙළෙන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භණී මවුවරුන් යොදා ගනිමින් දිවයින පුරා කළ සමීක්ෂණයකින් මේ බව තහවුරු වූ බව ත් මෙය තරමක අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඇය කීවා ය.

විටමින් D ඌනතාව අවම කර ගැනීමට හැකි අවස්ථාවන්වල හිරුඑළියට නිරාවරණය වීම වැදගත් නමුත් පවතින අධික හිරුඑළියට නිරාවරණය නොවිය යුතු බව ද ඇය ප්‍රකාශ කළා ය.

මේ වන විට පවතින අධික හිරුඑළිය ඉතා උෂ්ණ අධික බවත් විටමින් D ඌනනතාවට හෝ විටමින් ලබා ගැනීමට අපේක්ෂාවෙන් බොහෝ කාලයක් හිරුඑළියට නිරාවරණය නොවිය යුතු බව ත් ඇය පැවසුවා ය.

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භණී මවුවරුන්ට පවතින විටමින් ඌනතාව පිළිබඳව අවධානය ලබා දීම වැදගත් බවත් මාස කිහිපයකට වරක් හෝ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් විටමින් ඌනතාව පිළිබඳව උපදෙස් ලබාගත යුතු බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කළා ය.

 

කමල් ධම්මික

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website