බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:16

ආර්ථික සංවර්ධනය මාර්ග සංවර්ධනයට කෝටි 43 ක් පොලු තියලා Featured

මාර්ග සංවර්ධන අධිකාරිය නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු කෝටි 43ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා අයෝජන මණ්ඩලය වසර නවයකට අධික කාලයක් තිස්සේ ගෙවා නැතැයි විගණන වාර්තාවකින් ආනරවණය වේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශ්‍ය කෝටි 30.6ක් ද ආයෝජන මණ්ඩලය කෝටි 12.4 ක්ද මෙලෙස ගෙවීමට ඇති බවද ඒ 2012 හා 2013 වසරවලදී නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් බවද එම වාර්තාවේ සඳහන් වේ.

එසේම එම විගණන වාර්තාවට අනුව වෙනත් ආයතන වෙතින්ද කෝටි පහකට අධික මුදලක් වසර 5කට අඩු කාලයක් තිස්සේ ලැබිය නැති අතර තවත් කෝටි හයකට ආසන්න මුදලක් වසර පහකට අධික කාලයක් තිස්සේ ලැබී නැත.

මෙම මුදල් අය කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය අඛන්ඩව කටයුතු කර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මේ බව සඳහන් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.

 

මුදිතා දයානන්ද

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website