සෙනසුරාදා, 06 මැයි 2023 01:01

ලාංකිකයන්ට අලුත් හැඳුනුම්පතක් දෙන්න ඉන්දියාවේ සහාය Featured

ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත.

ලාංකිකයන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම, සූර්ය විදුලි බල ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම එම කඩිනම් ව්‍යාපෘති තුනයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කොට තිබේ.

මෙරට පුරවැසියන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම සඳහා ආධාර කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාල කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින අතර එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව සාගල රත්නායක මහතා පැවසීය.

උතුරේ දූපත් තුනක සුර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කොට තිබේ.

ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි යාත්‍රා නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාලව ද සාකච්ඡා කොට ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීමෙි කටයුතු අවසන් අදියරේ පවතින බව සාගල රත්නායක මහතා සඳහන් කළේය.
මෙම කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමටද මෙහිදී දෙපාර්ශවය එකඟතාවයට පැමිණ ඇත.

 

අංජුල මහික වීරරත්න

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website