සදුදා, 08 මැයි 2023 20:16

රුමේනියාවේ රැකියා පෙන්නා කොළඹ තරුණයින්ගෙන් මුදල් ගැරූ කොලොන්නේ කත අල්ලයි.. Featured

රුමේනියා රටේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ බවට සැකපිට කොලොන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයේ විශේෂ විමර්ශන අංශය සමත්විය.

අදාළ මුදල් වංචාවට හසුවූ තරුණයින් විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. රුමේනියාවේ සුපිරි වෙළඳසැලක මාසයකට රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක වැටුපකට රැකියාවට යවන බව පවසමින් අදාළ කාන්තාව එම තරුණයින්ගෙන් මුදල් වංචාකර තිබේ. මාස හතරක කාලයක් තිස්සේ මුදල් ගත් අදාළ කාන්තාව තමන් රවටමින් සිටි බවත් එය වංචාවක් බව වැටහීගිය බැවින් තමන් කාර්යාංශය වෙත පැමිණිලි කළ බවත් වංචාවට හසුවූ තරුණයින් පවසා තිබේ. එමෙන්ම එම පිරිසගේ ගමන් බලපත්‍ර සහ ඔවුන් සතු සහතික පත් අදාළ කාන්තාව විසින් ලබාගත් බවත් ඒවා ඇය සඟවාගෙන තමන් වෙත නොදී මගහැර සිටි බවත් අදාළ තරුණයින් පැමිණිලි කර තිබේ.

ඒ අනුව විමර්ශනය කිරීමේදී රැකියා සඳහා ශ්‍රමිකයින් විදේශගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රයක් නොමැතිව එම කාන්තාව මෙම මුදල් වංචාවේ නිරත වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.වංචාව සිදුකළ කාන්තාවට විරුද්ධව ගොණු කළ පැමිණිල්ල 2023.05.02 විභාගයට ගත් දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අදාළ කාන්තාව 2023.05.16 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත.

වැටලීම සඳහා විමර්ශන නිලධාරීන් වන ඉඳුනිල් පුෂිපකුමාර, රවීන්ද්‍ර අබේපාල යන නිලධාරීන් අතුළු පිරිසක් සහභාගි වූහ.

යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට විදේශ රැකියා සඳහා යාමට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි නීත්‍යානුකූල ආයතනයක්ද යන්නත්, අදාල රැකියා ඇණවුම් එම ආයතනය වෙත ලැබී ඇතිද යන්න සොයා බලන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අදාල රැකියා නියෝජිතායතනයේ නීත්‍යානුකූලභාවය පරික්ෂා කරන මෙන් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ඔබ ආයතනය මගින් මෙමගින් ඉල්ලා සිටිමි.

 

 

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website