සදුදා, 08 මැයි 2023 20:33

අඩු පීඩනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි Featured

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මෙම පද්ධතිය ඊයේ දින පීඩන අවපාතයක් දක්වාත් අද දින සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බව ද කාලගුණය කියයි.

උතුරු අක්ෂාංශ 01 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 95ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 -60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70 පමණ වේගයක් ගනු ඇති.

ඉහත මුහුදු ප්‍රදේශය ඉතා රළුවන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රාවන්ට දැනුම් දෙයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යාත්‍රා කරන්නැයි ද දැනුම් දෙයි.

ccdd

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website