බ්‍රහස්පතින්දා, 11 මැයි 2023 21:59

ණය සීමාව කෝටි ලක්ෂයකින් වැඩි කරයි   Featured

භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා අරමුදල්( ණය) ප්‍රමාණය ( සීමාව) කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහේ ( බිලියන පන්දහස) සීමාවේය.

නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි හය ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය ඊයේ (11) පළවූ බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා ගැනීමට වඩා මේ ආකාරයට කෙටිකාලීන ක්‍රමයට ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිදුවන මුදල අඩු වන බවද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය.

 

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website