සිකුරාදා, 12 මැයි 2023 20:08

දිනයක් සහ වේලාවක් නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා Featured

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ඊයේ (12) පැවසීය.

ජනතාවට අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍රය ගැනීම සදඟා ක්‍රමවේදයක් ඉදිරි සති දෙක තුන තුළ සකස් කරන බව කී ඉලුක්පිටිය මහතා හදිසි අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ලේඛණ පරික්‍ෂා කිරීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වූවහොත් පමණක් එම පුද්ගලයා පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බව ද වැඩි දුරටත් සඳන් කළේය.

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා මේ දිනවල බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය තුළ ඇති වී තිබෙන තදබදය පිළිබඳව අදහස් දක්වමින් ඉලුක්පිටිය මහතා එසේ පැවසීය.

යොහාන් භාසුර

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website