×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

සෙනසුරාදා, 13 මැයි 2023 18:25

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු Featured

කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් සඳහා අද (13) පස්වරු 6.30 දක්වා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙයි

ඒ අනුව පාලින්ද නුවර, වළල්ලාවිට, පිටබැද්දර, ඇහැළියගොඩ, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ අවධානය යොමු කළ යුතු දෙවැනි අදියරේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැඟිලි පර්යේෂ‍ණ සංවිධානය විසින් සිදු කර ඇත.

සීතාවක, පාදුක්ක, නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය, බුලත්සිංහල, යටියන්තොට, දැරණියගල, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ පළමුවැනි අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදනයද නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website