සෙනසුරාදා, 13 මැයි 2023 19:32

මොඛා දරුණුයි ධීවරයන් ගොඩ එන්න – කාලගුණයෙන් කියයි Featured

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මොඛා’ ඉතා දරුණු චණ්ඩ සුළි කුණාටුව පිළිබඳව සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

මෙය ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කරන මෙම පද්ධතිය අද (14 වැනිදා) දහවල් වනවිට ගිනිකොන දිග බංග්ලාදේශය හා උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෝචා සුළි කුණාටුව 12 වැනිදා උදේ 5.30 වනවිට 13.20භ සහ 88.10 ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි.

ddcv m

ඉදිරි පැය 24 දී මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 05 ත්-20ත් සහ නැගෙනහිර දේශාංශ 83 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 ත් 65 ත් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 75 ත් 85 ත් පමණ දක්වා වැඩි විය හැකිය.

මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැක.

උතුරු අක්ෂාංශ 05 ත් 20 ත් අතර සහ නැඟෙනහිර දේශාංශ 83 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන්නැයි ද එම දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website