ඉරිදා, 14 මැයි 2023 14:47

"මෝඛා"දරුණු වෙයි -කාලගුණයෙන් රතු නිවේදන Featured

මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මෝඛා" සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වන බව එම දෙපාර්තුමේන්තුව සඳහන් කරයි


ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවතුණි.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත.

ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් - 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180 - 190 පමණ වන අතර විටින් විට පැ.කි.මී 210ක් පමණ විය හැකිය.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් - 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දී ඇත.

 

PDF එක මෙතැනින් බලන්න

Media

file:///C:/Users/nethu/Downloads/WWO2023051301E.pdf

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website