ඉරිදා, 14 මැයි 2023 21:37

රාජ්‍ය ආයතන 430ක් විකුණා දැමේ.. ලයිස්තුව මෙන්න.. සිපෙට්කෝ, Ceb, Sri lankan ගුවන් විදුලිය, රූපවාහිනිය, සතොස ඒ අතරයි. Featured

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඉන් සමහර ආයතන විකුණා දමනු ඇති අතර, තව ප‍්‍රමාණයක් වසා දැමීම, ඒකාබද්ධ කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කරනු ඇත.

මෙම ක්‍රියාවලිය මාස දෙකකින් පමණ ආරම්භ වී වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිත බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටමින් වාර්තාව කියා සිටී.

ආයතන 430 අතර සංස්ථා 39ක්, සමාගම් 218ක්, ව්‍යවස්ථාපිත මණ්ඩල 173ක් ඇතුළු වන අතර සමාගම්වලට ප්‍රාදේශීය වැවිලි සමාගම් 21ක් ඇතුළත්ය.

මෙම ආයතනද ඒ අතර වෙයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව
ලංකා විදුලිබල මණ්ඩලය
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්
සිලෝන් ෂිපින් කෝපරේෂන් ලිමිටඩ්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
හෝටල් සංවර්ධක ලංකා පීඑල්සී
ලංකා සතොස ලිමිටඩ්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
මයික්‍රෝ (පුද්ගලික) සමාගම
රාජ්‍ය මුද්‍රණ සංස්ථාව
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරිය

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website