සදුදා, 15 මැයි 2023 20:28

දිනේෂ්ට අස්වන්නැයි කියයි..? Featured

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යෝජනා කර ඇති බව ඉහළ දේශපාන කවයන්හි සාකච්ඡා වී ඇති බව ලංකා සී වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

අග‍්‍රාමාත්‍ය ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා නැවත පත් කිරීම සඳහා අවස්ථාව සලසා දෙමින් මෙම ඉල්ලා අස්වීම සිදු කරන ලෙස ද ඔහුගෙන් ඉල්ලා ඇතැයි ද සඳහන්ය.

දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ශවයෙන් ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාරයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන්ද එවන් ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ බවක් මෙතෙක් වාර්තා වන්නේ නැත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website