බදාදා, 17 මැයි 2023 10:13

ප්‍රදේශ කිහිපයකට අව්ව සැර වෙයි Featured

ප්‍රදේශ කිහිපයකට අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා හෙට දිනය සඳහා වලංගුවන පරිදි ඊයේ (16) පස්වරුවේ එම නිවේදනය නිකුත් කර ඇත.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරේ

ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.

තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරළීම් සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website