බ්‍රහස්පතින්දා, 18 මැයි 2023 09:24

තවමත් නොලැබුණු සා/පෙළ ප්‍රවේශපත්‍ර වෙබ් අඩවියෙන් Featured

සාමාන්‍ය පෙළ 2022 (2023) විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්‍ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර අද (18 දා) සිට විභාග දෙපාර්තමේන්තු අඅඅග ාදැබැඑිගකන යන නිල වෙබ් අඩවියට පිවිස බාගත කරගත හැකි යැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිටත් පාසල් අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන් තම ඇයැදුම්පතෙහි සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් මගින් යොමුකර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මෙසේ නොලැබුණු අයට මෙම බාගත කිරීම සිදුකර ගත හැකි බවද ඒ මහතා කීය.

විභාගය ජුනි 29 වැනිදා සිට ජූලි 08 වැනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වේ. ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම්කර ඇති විෂයයන්හි, මාධ්‍යයෙහි, ජාතික හැඳුනුම්පත් අංකයෙහි, උපන් දිනයෙහි සහ නමෙහි යම් වෙනසක් ඇත්නම් හෝ අලුතින් විෂයයක් ඇතුළත් කළ යුතු නම් එම සංශෝධන https://on lineexams.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදුකර ගැනීම සඳහා මැයි 24 දින මධ්‍යම රාත්‍රි 12.00 දක්වා අවස්ථාව සලසා ඇත.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන් තම විදුහල්පති මගින් ද පෞද්ගලික අයැදුම්කරුවන් තමා විසින්ම ද අදාළ සංශෝධන සිදුකළ යුතුය. යම් ගැටලුවක් ඇතොත් 1911 හදිසි අංකයෙන් විමසීම් කළ හැක.

 

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website