බ්‍රහස්පතින්දා, 18 මැයි 2023 09:28

දේශපාලකයින්ගේ ණය කපා හරින සූදානමක් – චරිත හේරත් Featured

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් ඇමැතිවරුන්ගේ සහ දේශපාලන හිතවත්කම් ඇති අයගේ අතිවිශාල ණය මුදල් කපාහැරීමට ආණ්ඩුව සූදානම් වනවා යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

බලසම්පන්න අයගෙන් ණය අයකර ගතයුතු බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්සේ විශේෂ පුද්ගලයන්ට වරප්‍රසාද ලබා නොදී ඒවා අයකර ගතයුතු බවත් නිදහස් ජනතා සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හේරත් මහතා කීවේය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද කීය.

ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන බැංකුවල සමහර ණය බොල් ණය බවට පත් වෙලා තියෙනවා. එහෙම ණය ගත්ත සමහර අයගේ ණය බොල් ණය බවට පත්වෙලා තිබුණත් ඒ අය ව්‍යාපර කරගෙන යනවා. මාතලේ පැත්තේ ඇතැම් දේශපාලනඥයෙක් හෝටලයක් හදන්න ණය ගත්ත ඒක ගෙවන්නේ නැහැ. හැබැයි හෝටලය තියෙනවා. නැඟෙනහිර පළාතේ දේශපාලනඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ගන්නවා. ණය තියෙද්දි ඔහු ඒ ව්‍යාපාරවලින් ඉවත් වෙලා වෙනත් ව්‍යාපාර කරනවා. ඒ නිසා බැංකුවලින් ණය අරගෙන නොගෙවන මෙවැනි බලසම්පන්න අයගෙන් ණය අයකර ගත යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අස්සේ අර ණය ටික කපලා අරින්න සමහරු උත්සාහ කරනවා. ඒක වැරදියි. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකක් වුවත් ඒ මාර්ගයෙන් ණය නොගෙවන අය මුදාහැරීමට උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නිවැරදි තීරණයක් ගත යුතුයි.

 

චමින්ද සිල්වා

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website