සිකුරාදා, 19 මැයි 2023 10:01

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් Featured

අද (19) රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10 සිට හෙට (20) උදෑසන 08.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලටය.

එසේම කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්තිටුවනු ඇත.

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website