සිකුරාදා, 19 මැයි 2023 10:17

ෂාෆ්ටර් ගේ දේහය ගොඩගනී Featured

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ දින (18) ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා අවසර ලබා දෙන ලෙසත් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් එලෙස ඉල්ලා තිබිණ.

ඒ අනුව, පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් කිරීම සඳහා නඩුව කැඳවිමට අධිකරණය දින නියම කළේය.

නිමන්ති රණසිංහ

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website