සිකුරාදා, 19 මැයි 2023 10:33

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවගේ තත්වය: 'මාව චෙක් කරපු මිසී ඇහුවා ඔයාට ලැජ්ජ නැද්ද මේ රස්සාව කරන්න;ඕකෙන් අයින් වෙන්න කියලා' Featured

"මේ රස්සාවෙ යෙදිලා ඉන්න මගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා. ඒ එයලාගෙ අම්මා ගණිකාවක් කියලා දැනගත්තාට පස්සේ. අපිත් කැමතියි දරුවන්ට උගන්වලා හොඳ තැනකට ගේන්න," යනුවෙන් බීබීසී සිංහල සමඟ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ලිංගික ශ්‍රමික කාන්තාවකි.

සංස්කෘතිකමය වශයෙන් හා නීතිමය වශයෙන් බොහෝ අගතීන්ට මුහුණ දී තිබෙන ප්‍රජාවක්වන ලිංගික ශ්‍රමිකයන් තවමත් මුහුණ දෙන අතිදැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් තිබේ.

තවමත් ශ්‍රී ලංකාවේ නෛතික වටපිටාව සහ සංස්කෘතියට අනුව ලිංගික ශ්‍රමය, ශ්‍රමයක් ලෙස නොසලකන අතර එය සමාජ අපවාදයට හේතුවන දෙයක් බවට පත් ව තිබේ. එයට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද නිතැතින් ම ගොදුරු වේ.

පසුගිය මැයි 16 වන දින දකුණු ආසියාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාව සහ ඔවුන්ගේ මිතුරන්ගේ ජාලයෙහි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සකස් කරන ලද "ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවගේ තත්වය: ජාතික වාර්තාව 2022-2023" යනුවෙන් කොළඹ දී වාර්තාවක් එළිදැක්වුණි.

 බීබීසී

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website