ඉරිදා, 21 මැයි 2023 11:40

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදෙව්වොත් ඉදිරියේදී මොකද වෙන්නේ ? Featured

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් සොයා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කර මාර්ගයේ රිය ධාවනය කරන රියදුරන් සොයා මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවයි.

"මත්පැන් වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියැදුරන් පරික්ෂා කරලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න අවශ්‍ය කරන නියමු ව්‍යාපෘතියක් ලෙසට දැනට එය ක්‍රියාත්මක කරලා තියෙනවා බස්නාහිර පළාත තුළ." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

utfdමත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් සොයා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාතෙන් ආරම්භ කර තිබේ.

 

නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද ?


මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස කරුණු පැහැදිලි කර සිටියේය.

 "මාර්ගයේ රාජකාරියේ නිරත පොලිසියේ නිලධාරීන් සතුව තිබෙන පොඩි ටෙස්ටින් කිට් එකකින් අපි මුලින්ම පරික්ෂා කරලා බලනවා රියදුරන්ව. ඒ පරික්ෂාවට ලක් කරන කෙනාගේ ඛේටයෙන් මත්ද්‍රව්‍ය අරන් ද තියෙන්නේ කියලා. පළමුව ඒ කිට් එකෙන් කරන ටෙස්ට් එකෙන් තහවුරු වුනොත් රියැදුරා මත්ද්‍රව්‍ය අරන් තියෙන්නේ කියලා ඊට පස්සේ අපි ඔහුව වෛද්‍යවරයෙකු ලඟට ඉදිරිපත් කරනවා. ඒ වෛද්‍යවරයා විසින් අදාළ පුද්ගලයාගේ මුත්‍රා පරික්ෂා කරලා බලනවා. මුත්‍රා පරීක්ෂාවෙන් තහවුරු වුනොත් වෛද්‍ය වාර්තාව අනුව නඩු පැවරීම කරනවා."

"මේක නියමු ව්‍යාපෘතියක් විදිහට සිදුකරන්නේ දැනට. තව මේකේ පරික්ෂා කිරීම් සිදුකරලා තව ගොඩක් දේවල් කරන්න තියෙනවා." හෙතෙම කියා සිටියේය.

බස් රථ සංගම් මොකද කියන්නේ ?


රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කොට රිය ධාවනයේ යෙදෙන්නේ දැයි පරික්ෂා කර බැලීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අගය කළ යුතු වැඩසටහනක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.

"බස්වලත් කරන්න ඕන. සේවකයින්ගෙන් සියයට 75ක් අවම වශයෙන් ගංජා හරි පානය කරනවා. ඒ කියන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංජා හරි ගහනවා කොන්දොස්තරලා. ගංජා ගැහුවත් මුත්‍රා සාම්පල් පරීක්ෂාවෙන් බලන්න පුළුවන්."

"මේ වැඩේට මම එකඟයි. ඉස්සර මෝටර් රථ ආඥා පනතේ තිබුනේ බීමත් රියදුරන් පරික්ෂා කර බලන එක ගැන විතරයි. නමුත් ඒකට මත්ද්‍රව්‍ය භාවිත කරලා රියැදුරන් වාහනය ධාවනය කරනවද කියලා පරික්ෂා කරලා බලන්න ඕන කියන නීතිය මෝටර් රථ ආඥා පනතට ඇතුලත් කර ගන්න ගොඩක් මහන්සි වුණා."

"රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කරලා වාහන ධාවනයේ යෙදෙනවාද කියලා පරික්ෂා කරලා බලන එක ගොඩක් වැදගත්. අද රාත්‍රී කාලයේ වාහන ධාවනය කරන ගොඩක් දෙනා මත්ද්‍රව්‍ය භාවිත කරලා වාහන ධාවනය කරන්නේ. රාත්‍රී සමාජ ශාලා ඇතුළු විවිධ ස්ථානවලට ගිහිල්ලා එන අය මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ." යනුවෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න බීබීසී සිංහල වෙත අදහස් දැක්වීය.

ufcbvvcරියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කොට රිය ධාවනයේ යෙදෙන්නේ දැයි පරික්ෂා කර බැලීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අගය කළ යුතු වැඩසටහනක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

පාසැල් ළමුන් ප්‍රවාහන කේෂ්ත්‍රයේ මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් අවමයි


පාසැල් ළමුන් ප්‍රවාහන කේෂ්ත්‍රයේ මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් අවම වුවත් ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරීම ඉතා යහපත් බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේය.

"මත්ද්‍රව්‍ය භාවිත කරලා වාහන පදවන රියැදුරන් සොයා පොලිසිය සිදුකරන වැඩේ ගොඩක් හොඳයි. එහෙම අය අපේ කේෂ්ත්‍රයේ නම් අඩුයි. ඒත් ගොඩක් ප්‍රයිවට් බස්වල, දුරගමන් යන රියැදුරන් ඒ වගේ ඉන්නේ. මත්ද්‍රව්‍ය අරන් රියැදුරන් වාහන අතට ගන්නවා කියන එක හරියන්නේ නැහැ. අයිස් සහ අනෙක් මත්ද්‍රව්‍යනේ ගොඩක් යන්නේ. ඒවා භාවිත කරලයි ගොඩක් රියැදුරන් වාහන ධාවනය කරන්නේ."

"අපගේ කේෂ්ත්‍රය තුළ මේ වගේ දේවල් වෙනවා අඩුයි. මොකද දරුවන් අරන් යන නිසා ගොඩක් වගකීමක් අරන් කටයුතු කරන්නේ. කලින් සිදුවීම් කිහිපයක් වාර්තා වුනා, විශේෂයෙන් බීමත්ව හිටපු රියැදුරන් එහෙම. ඒවාට අනිවාර්යෙන්ම දඬුවම් දෙන්න කියලා අපි කියනවා. අපි සංගමයක් විදිහට කියලා තියෙනවා දරුවන් සමග කටයුතු කරන නිසා අපිට විශේෂ වගකීමක් තියෙනවා කියලා. එහෙම දෙයක් වුනොත් නීතියෙන් වගේම සංගමයක් විදිහට අපිත් ඔවුන්ට විරුද්ධව අවශ්‍ය කටයුතු කරනවා." යනුවෙන් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පවසා සිටියේය.

BBC

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website