සදුදා, 13 පෙබරවාරි 2023 08:41

තැපැල් ඡන්ද අයදුම්පත්‍ 37,000ක් ප්‍රතික්ෂේප වෙයි.. Featured

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 37,000ක් පමණ ප්‍රතික්ෂේපවී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ඉදිරිපත්ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව, හය ලක්ෂ 75,000කට අධිකයි.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 15 වැනිදා තැපෑලට භාරදීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කරන බවයි.

මෙවර මැතිවරණ රාජකාරී සඳහා ලක්ෂ 2කට ආසන්න රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් යොදාගැනීමට සැලසුම් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 22, 23 හා 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website