සදුදා, 22 මැයි 2023 11:05

අති විශාල ජීව මෝටාර් බෝම්බයක් කිලිනොච්චියෙන් හමුවෙයි Featured

කිලෝ ග්‍රෑම් 500 කට වඩා බර අති විශාල ජීව මෝටාර් බෝම්බයක් කිලිනොච්චි ධර්මපුරම්, මයිල්වානාකම් ප්‍රදේශයෙන් ඊයේ (21) හමු වූ බව වාර්තා වෙයි.

දිගින් අඩි පහක් පමණ ද අඩි හතරක වට ප්‍රමාණයකින්ද යුත් මෙම මෝටාර් බෝම්බය ගුවන් යානා වලින් හෙලන මෝටාර් බෝම්බයක් බව ධර්මපුරම් පොලිසිය සදහන් කරයි.


මෙම බෝම්බය මෝටාර් බොම්බයක් නොව කෆීර් වර්ගයේ ගුවන් යානා විසින් භවිතා කරණු ලබන ගුවන් බෝම්බයක් බව පොලිසිය ප්‍රකාශ කොට සිටියද එය මෙතෙක් ආරක්ෂක අංශ විසින් තහවුරු කොට නොමැත.

දර කැපීමට ගිය පුද්ගලයෙකු විසින් මෙම මෝටාර් බෝම්බය දැක ඒ පිළිබදව ධර්මපුරම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය ගොස් එම බෝම්බය ගොඩ ගෙන ඇති අතර බෝම්බයේ පස් වලට යටවූ කොටස දිරාපත් වී ඇතැයි පොලීසිය පවසයි.

කැළෑබද මාර්ගයක තිබී හමු වූ මේ බෝම්බය පුපුරා යාමට ඉඩ ඇති නිසා එය අධිකරණ නියෝගයක් ලබා ගෙන පුපුරවා හැරීමට ධර්මපුරම් පොලීසිය පියවර ගෙන ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website