අඟහරුවාදා, 23 මැයි 2023 11:33

ආයුර්වේද පනත සංශෝධනයට අනුමැතිය Featured

ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.


තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි හා කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට 2022- 10 -31 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website