බදාදා, 24 මැයි 2023 10:50

සියළු කෝච්චි-බස් සූර්ය විදුලියෙන් ධාවනය කරන්න සූදානම්..- බන්දුල Featured

2030 වසර වනවිට මෙරට සියලු දුම්රිය, බස් රථ ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවා දී සූර්ය විදුලියෙන් ධාවනය කරවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පොසිල ඉන්ධනවලින් තවදුරටත් වාහන ධාවනය කළ නොහැකි බවත් පරිසරය විනාශ වන බවත් ඔහු පැවසීය.

හම්බන්තොට වරාය විකුණා ලැබුණේ ඩොලර් බිලියන 1.4 ක් බවත් වරාය නගරයෙන් ලැබුණේ ඩොලර් බිලියන 1.4ක් බවත් නමුත් වසරකට ඉන්ධන ආනයනය ඩොලර් බිලියන 5ක් වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පස්සර ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

කිසිම ඇමතිවරයෙකුට උරුම නොවුණු ආකාරයේ දෑවැද්දක් තමන්ට ලැබී ඇති බවත් තමන්ගේ අමාත්‍යාංශය තෙල් කඳුලක් නැති වුවද තම හයියෙන් දුවන්න යැයි කියන බවද එය හරියට තටු නැතිව ඉගිල්ලෙන්න කියනවා වගේ කතාවක් යැයි ද අමාත්‍යවරයා තව දුරටත් එහිදී කියා සිටියේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website