බ්‍රහස්පතින්දා, 25 මැයි 2023 11:13

ජනපතිට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් 10 කගේ ණය බොල් ණය ලෙස කපලා – කුමාර වෙල්ගම Featured

ජනාධිපතිවරයා තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත් එයට තමා එකඟ නැති බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට තමා ඡන්දය දුන් නමුත් ඔහු කරන වැරැදි වැඩවලට එකඟ නැති බවත් හෙතෙම කීය.

පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේද කීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කරන්න ඡන්දය දුන් 134 දෙනාගෙන් කෙනෙක් මම. ඔහු කරන හොඳ වැඩ අගය කරනවා සේම වැරදි වැඩ විවේචනය කරනවා. ඔහු ජනපති කියලා හිතවත් ව්‍යාපාරිකයන් 10 දෙනෙක් ගත්ත ණය බොල් ණය ලෙස කපා හැරලා. ඒවාට අපි කැමැති නෑ. ඒවාට නොවෙයි ඡන්දය දුන්නේ. ඔහුගේ පක්ෂේ ධනපති ව්‍යාපාරිකයන්ගේ ණය කපන්න නොවෙයි අපි ඔහුව පත් කළේ යැයි කීය.

 

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 29471 listings, 927 categories and 100 owners in our website