ඉරිදා, 28 මැයි 2023 11:29

බදු සම්බන්ධ නඩු ඇසීමට වෙනම අධිකරණයක් Featured

දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා වැඩපිලිවෙලක් සකසා ඇති බවත්, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

බදු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වසර ගණනාවක සිට ඇදි ඇදී පවතින රැමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම බදු කටයුතු සඳහා පවතින නීතිමය කටයුතු සඳහා වෙනම අධිකරණයක් නොතිබීම හේතුවෙන් විශාල ප්‍රමාදයක් පවතින බැවින් , බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට යෝජනා කර ඇතැයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website