ඉරිදා, 28 මැයි 2023 11:35

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ Featured

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (28) සිට ආරම්භවීමට නියමිතය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය විභාගය මධ්‍යස්ථාන 3,568 කදී පැවැත්වෙන අතර, ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුනකි.


එමෙන් ම බන්ධනාගාර රැදවියන් 10 දෙනෙකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

සාමාන්‍ය පෙළ විභාගය ජුනි 8 වැනිදා දක්වා පැවැත්වේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website