සදුදා, 29 මැයි 2023 19:10

සූදු කරපටි මූල්‍ය වංචා විභාග කිරීමට වෙනම උසාවියක් ! Featured

ශ්‍රී ලංකාව තුළ සිදුවන මහා පරිමාණයේ මූල්‍ය වංචා Financial scandals විභාග කිරීම සඳහා නව උසාවියක් පිහිටු වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම මුදල් විශුද්ධිකරණය Money Laundering


ආදායම් බදු වංචා, Income tax Scandals

 

රේගු කටයුතු සම්බන්ධයෙන් කරනු ලබන වංචා මෙන්ම මෑත කාලයේදී විශාල වශයෙන් ඉහල ගිහිල්ලා.
පසුගියදා කරළියට ආ අපනයන වෙළඳාමේදී රටට ලැබිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් නොලැබීම යන කරුණුත් මෙම උසාවිය පිහිටු වීමට හේතු වී තිබෙනවා.

පවතින අධිකරණ ක්‍රියාවලිය යටතේ මෙම නඩු විභාග කිරීමට විශාල කාලයක් ගතවන අතර පවතින නීති පද්ධතියේ පවතින දුර්වලතාව නිසා බොහෝ විට රජයට මේවා ඔප්පු කිරීමට නොහැකිවෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ වර්තමානයේ පවතින වාණිජ අධිකරණය මඟින් මෙවැනි නඩු විභාග කළත් ඉතා විශාල කාලයක් ඒ සඳහා ගත කිරීමට සිදුවන බවයි.

මෑතකදී කරලියට පැමිණි Perl X නෞකාව සම්බන්දයෙන් යම්කිසි පාර්ශවයක් ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාගත් බව අධිකරණ ඇමතිවරයාම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් අද වනවිටත් ඒ් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් ආරම්භ කර නැහැ.

පසුගිය කාලයේ රට තුල මහාත් කතා බහට ලක් වූ ජාත්‍යන්තර පැනමා පේපර්ස් හෙළි දරව්වෙන් ශ්‍රී ලාංකිකයන්
කිහිප දෙනෙකුගේ නම් හෙළි වූවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ද රජය අපොහොසත් උන. මෙම විශේෂ අධිකරණයක් පිහිටුවීම ඉතාමත් කාලෝචිත යෝජනාවක් ! ජනාධිපතිතුමනි මෙම අභියෝගය ක්‍රියාත්මක කිරීම ඔබගේ කාර්යභාරයයි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website