අඟහරුවාදා, 30 මැයි 2023 07:59

ආගමික සංහිඳියාව කඩන කණ්ඩායම් අල්ලන්න විශේෂ පොලිස් ඒකකයක් Featured

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන්වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවන බවට ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව මෙම කඩිනම් තීරණය ගෙන ඇත.

අදාළ බුද්ධි තොරතුර ලැබීමෙන් අනතුරුව පොලිස්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට ඊයේ (29) උපදෙස් දෙනු ලැබූවේය.

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ඇරැඹුමේදීම ආගමික සංහිඳියාව බිඳ දමමින් ජන කොටස් අතර විරසකයක් ඇති කොට යළි රට කඩා වැට්ටවීමට උත්සායක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත.

මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ආගමික සංහිඳියාවට බාධා වන කරුණු සමාජයට පැමිණීමට පෙර එ්වා වළක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන නව පොලිස් ඒකකයට පැවරෙන්නේ ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩිනමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

ජනපති තීරණය කරයි

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website