සදුදා, 05 ජූනි 2023 08:10

ඊශ්‍රායල් යන්න බාහිර පුද්ගලයන්ට සල්ලි දෙන්න එපා - විදේශ සේවා නියුක්ති කාර්යාංශය Featured

ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීම සඳහා කිසිදු බාහිර පුද්ගලයකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබා දීමෙන් වළකින මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 59 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එය පසුගියදා (02) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු විය. දොළොස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම අද (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 362 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමි වේ.

එම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමි වන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබා දීමෙන් වළකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website