සදුදා, 13 පෙබරවාරි 2023 13:35

උතුර-නැගෙනහිර පන්සල් හොර ඒවාද බලන්න කොමිසමක්…- මාලිමා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය Featured

ජාතික ජන බලවේගය විසින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

අඩුම තරමේ ඒකීයභාවය රකින බවටවත් සඳහනක් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැතැයිද හෙතෙම පැවසීය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් යුද්ධයෙන් පසුව ආරම්භ වූ ආගමික ස්ථාන නීත්‍යානුකූල බව සොයා බැලීමට ස්වාධීන කොමිසමක් පත්කිරීමට කටයුතු කරන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බවද හෙතෙම සඳහන් කළේය.

උතුරු නැගෙනහිර වල් වැදී තිබූ හා බෞද්ධ සිද්ධස්ථානවලට භික්ෂූන් වහන්සේලා ගොස් ඒවා රැක බලා ගැනීම ආරම්භ වීම මත ඔවුන්ට රිදීමෙන් මෙම ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website