සදුදා, 05 ජූනි 2023 08:37

සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරුද්ධව මැකොස රතු එළි දල්වයි Featured

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව හෙට දිනයේදී පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙන බවය.

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරන ලදි.

අදාළ තීරණය මගින් සිදුවන්නේ පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වීම බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

එමගින් සෙසු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අසාධාරණයක් වන බවට විවිධ පාර්ශ්ව වෙතින් ලැබීඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website