බදාදා, 07 ජූනි 2023 11:21

ධීවර සහ නාවික ප්‍රජාව අවධානම් නිවේදන Featured

මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි

ගිනිකොන දිග අරාබි මුහුදේ පැවති පීඩන අවපාතය 'BIPARJOY' සුළි කුණාටුව දක්වා තීව්‍ර වී ඇති අතර එය අක්ෂාංශ 12.5°N සහ දේශාංශ 66.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසයි


එය උතුරු දෙසට ආසන්නව ගමන් කර ඉදිරි පැය කිහිපයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇත.

මෙම පද්ධතිය හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී 07N – 17N සහ 60E – 70E ට මායිම්ව ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යා හැකි අතර පැයට කිලෝමීටර් 90-100 දක්වා වැඩි විය හැකියි.

මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ඉතා රළු තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකියි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු 07N - 17N සහ 60E - 70E අතර මායිම් වන මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට උපදෙස් දෙයි

ඉහත කී මුහුදු ප්‍රදේශවල සිටින අයට නැවත වෙරළට යන ලෙස හෝ ආරක්ෂිත ප්‍රදේශවලට වහාම යන ලෙස උපදෙස් දෙන අතර මෙම උපදේශනය හෙට (ජුනි 08) පෙරවරු 07.30 දක්වා ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website