සෙනසුරාදා, 10 ජූනි 2023 09:24

නිර්දේශ පිළිගන්නේ නෑ -රජය කියයි Featured

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් බැවින් එය අනුමත නොකරන බවට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ ඊයේ (09) සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය.

ඒ තත්ත්වය යටතේ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජය විසින් ඉවත දමනු ඇති බව එම ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් ඊයේ (09දා) දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවීමට ද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබුණි.

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website