ඉරිදා, 11 ජූනි 2023 10:01

මාර්ගෝපදේශවලට පිටින් වැඩ: සතොස කෝටි 3 1/2ක අත්තිකාරම් පත්තුවෙයි Featured

ලංකා සතොස සමාගම විසින් ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශවලට පටහැනිව හිස් ඉඩම් සඳහා අනාගතයේ දී වෙළෙඳසල් ඉදිකිරීමේ උපකල්පනය මත පුද්ගලයන් 29 දෙනකුට අත්තිකාරම් මුදල් ලෙස රුපියල් තුන්කෝටි හතළිස් දෙලක්ෂ තිස්හතරදහස් නමසියඅනූහයක (34,234,996) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ගොඩනැගිලි ඉදිකිරීමට තක්සේරු වාර්තාවක් ලබා ගැනීමෙන් තොරව වසර එකහමාරක කාලයක් සඳහා මෙකී අත්තිකාරම් මුදල් ගෙවා තිබුණි. එසේ ඉදිකරනු ලැබූ ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදුකර සමාගමට භාරදී නොතිබූ ගොඩනැගිලි හිමිකරුවන් සංඛ්‍යාව 29කි. ඉන් 18 දෙනකුට එරෙහිව රුපියල් දෙකෝටි හැත්තෑහතර ලක්ෂ තිස්පන් දහසක (27,435,000) මුදලක් අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි. එහෙත් 2022 ජුනි මස 15 වැනිදා වන විටත් එම මුදලින් කිසිදු මුදලක් අයකර ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

සමාගම විසින් ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශය අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අත්තිකාරම් මුදල් නොගෙවිය යුතු බව සඳහන් වේ. එහෙත් සමාගම විසින් පුද්ගලයන් 29 දෙනකු සඳහා ගිවිසුම්වලට එළඹ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු සඳහා මෙකී මුදල ගෙවා ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

 

ලලිත් චාමින්ද

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website