ඉරිදා, 11 ජූනි 2023 10:06

මහාධිකරණ විනිසුරු පත්වීම් දෙකකට අධිකරණ සේවා සංගමය එරෙහි වෙයි Featured

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කළ ටිකිරි ජයතිලක මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ රජයේ අධිනීතිඥවරියක වන නයනා නිර්මලා කස්තුරිආරච්චි මහත්මිය මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම මහජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමට හේතුවක් විය හැකි බවත්

එමගින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් සිදුවුවහොත් එය බරපතළ ප්‍රතිවිපාක ඇති කරවන බවත් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටී.

එකී පත් කිරීම් සිදුකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දිවයින පුරා සේවය කරන දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් නියෝජනය කරන තම සංගමයේ දැඩි අප්‍රසාදය පළ කරනා බවත් එම සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක, ලේකම් මහෙස්ත්‍රාත් පසන් අමරසේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්ය.

පෙරකී දෙදෙනාගේ නම් යෝජනා කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම සහ එමගින් ශ්‍රී ලංකාව පුරා සේවය කරන දිසා විනිසුරුවරුන්ට හා මහෙස්ත්‍රාත්වරුන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් දැනුවත් කර රටේ නීතියේ ආධිපත්‍යයට සෘජු බලපෑමක් එල්ල විය හැකි එකී පත් කිරීම් සිදු නොකරන ලෙසට ඉල්ලා තිබියදීත් එකී ඉල්ලීම් නොතකා එම පත්කිරීම් සිදු කර ඇතැයි ද එමගින් ජනාධිපතිවරයාට කියා තිබේ. එම ලිපියේ පිටපත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභා සෙසු සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙත ද යවා තිබේ.

 

ඒ.ජේ.ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website