සදුදා, 12 ජූනි 2023 10:13

පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත් කරල් ජාවාරමක් Featured

පෞද්ගලික උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කල පුද්ගලයකු ඊයේ (11) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි

කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී පොලිතින් මල්ල පරීක්ෂා කිරීමේදී එහි තිබූ මත්කරල් 1010 ක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

එම මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවත් , එම කරල් මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබෙයි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website