සදුදා, 12 ජූනි 2023 10:18

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමේදී ග්‍රාම නිලධාරීන් අවශ්‍ය නොවේ - මැකෝ Featured

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමේදී ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යභාර්ය අත්‍යවශ්‍ය නොවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.ග්‍රාම නිලධාරීවරුන්ට ගෙයින් ගෙට ගොස් ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමට අපහසු නම් ඒ සම්බන්ධයෙන් කටයතු කිරීම සඳහා වෙනත් පාර්ශව යෙදවිය හැකි බව එම කාර්යාලය සඳහන් කළේය.

ගෙයින් ගෙට ගොස් කටයුතු කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරුන්ට දීමනාවක් ලබා දෙන බවද මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝදන කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බැවින් ග්‍රාම නිලධාරීවරු ගෙයින් ගෙට ගොස් අදාළ පෝරම පිරවීමේ කටයුතු සිදුනොකරන බවට තොරතුරු වාර්තා වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් ඔවුන්ගේ කාර්යාල වෙත ජනතාව ගෙන්වා ගෙන එහිදී බී සී ආකෘති පත්‍ර පිරවීමේ කටයුතු සිදුකරන බවටද තොරතුරු වාර්තා වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.ජනතාව කිසිසේත් එලෙස ග්‍රාම නිලධාරී කාර්යාල වෙත ගොස් එම ආකෘති පත්‍ර පිරවීම සිදුනොකළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.මේ අතර මෙම රාජකාරී කටයුතු සිදුකිරීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේය.

 

DVN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website