අඟහරුවාදා, 13 ජූනි 2023 09:24

මානසික රෝගීන්ට දෙන කරල් සිසුන්ට වික්ක තැරුව්කරු අත්අඩංගුවට Featured

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ වැටලීමකදී උපකාරක පංතිවල සිසුන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලෙවි කළ පුද්ගලයකු පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ඔහු සතුව තිබූ පොලිතින් මල්ලක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ මත්කරල් 1010ක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. එම මත් කරලක් රුපියල් 150කට අලෙවි කර ඇති බවත්, එම කරල් මානසික රෝගින්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇති බව පොලිසිය පවසයි. කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

පොතුපිටිය - සුමිත් රණවක

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website