සිකුරාදා, 16 ජූනි 2023 17:03

කුල දරුවන් සසුන් ගත කිරීමට අවම වයස් සීමාවක් ගැන සාකච්ඡාවක් Featured

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසනආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ ඊයේ (15) මහනුවර මල්වතු හා අස්ගිරි මහාවිහාරයන්හි පැවැති සාකච්ඡාවෙන් අනතුරුව බුද්ධශාසනආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ ය.


මල්වතු පාර්ශවය වෙනුවෙන්මහනුවර උපොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාහර්‍ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ,අස්ගිරි පාර්ශවය වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමි ඇතුළු අති ගෞරවණීය මහා සංඝරත්නය මෙම සාකච්ඡාවට එක්වුහ.

බුද්ධශාසනආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක, අතිරේක ලේකම් (ආගමික කටයුතු) එච්.එන්.කුමාරි,බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (වැ.බ) කීර්ති සිරිබද්දන යන මහත්ම මහත්මිහු මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.

 

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website