සිකුරාදා, 16 ජූනි 2023 17:16

ඩොලරය නහුතෙට නගී: රුපියල පිරිහෙයි Featured

වානිජ බැංකු විසින් ඊයේ (15 දා) ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේ බොහෝ බැංකුවල රු. 330 ක් පමණ දක්වා විශාල ලෙස ඉහළ ගියේය.

මේ අනුව ඊයේ දිනයේ රුපියලේ අගය බරපතළ පිරිහීමකට ලක්විය. එක් රාජ්‍ය බැංකුවක ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 335 ක් දක්වාද ඉහළ ගොස් තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 9.93 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

මේ අනුව පෙරේදා (14 දා) රු.318.99 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (15 දා) දිනයේදී රු.328.92 ක් දක්වාද ඉහළ ගොස් තිබේ. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා (14 දා) වාර්තාවූ රු.303.19 සිට ඊයේ (15 දා) දිනයේදී රු.311.60 දක්වා ඉහළ ගොස් ඇත.

මෙසේ ශ්‍රී ලංකා රුපියල පිරිහී ඇමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම යළි ඉහළ ගියහොත් එහි අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

ශ්‍යාම් නුවන් ගනේවත්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website