සිකුරාදා, 16 ජූනි 2023 17:19

විජයබාහු නැවේ දෙවැනි අණදෙන නිලධාරියා නැව ඇතුළේදීම දිවි නසාගෙන! - මරණය ගැන විවෘත තීන්දුවක් Featured

කොළඹ වරායේ නැංගූරම්ලා තිබූ විජේබාහු නෞකාවේ දෙවැනි අණදෙන නිලධාරියා එම නෞකාව තුළ ගෙලවැලලා ගෙන මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කපිතාන් ආර් රාජපක්ෂ මහතායි. 44 හැවිරිදි රාජපක්ෂ මහතා ගෙලවැලලාගෙන මියයෑම පිළිබඳව වරාය පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නාවික හමුදා භටයින්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨයකු පැවසූවේ මියගිය අණදෙන නිලධාරියා ඊට කලින් දින පවා සතුටින් රාජකාරිය සිදුකළ බවත් සමහර විට ඔහු පෞද්ගලික ප්‍රශ්නයක් මුල්කරගෙන මෙසේ දිවි හානිකර ගැනීමට ඉඩ ඇති බවය.

මෙසේ මියගිය අණදෙන නිලධාරිවරයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වීමෙන් පසු ඔහුගේ මරණය ගැන විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

නෝමන් පලිහවඩන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website