සෙනසුරාදා, 17 ජූනි 2023 10:30

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා වීඩියෝව ලොව පළමු තැනට Featured

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’ නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ 280ක් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.

මෙම තරගයේ නිර්මාණ තේමාව වී ඇත්තේ 'ගෝලීය ගුවන් සේවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව' යි.


මූලික වටය සඳහා රටවල් බොහෝමයක් නිර්මාණ යොමු කර තිබුණි. කෙසේ නමුත් අවසන් වටයට තෝරා ගෙන තිබුණේ ශ්‍රී ලංකාව, ප්‍රංශය, පිලිපීනය, ආජන්ටිනාව, ඇමරිකාව, තුර්කිය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් රාජ්‍යයයන්හි නිර්මාණකරුවන් විසින් යොමු කළ නිර්මාණ 12ක් පමණි.

තෝරාගත් තරඟකාරී නිර්මාණ 12 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක්පිටුවට උඩුගත කළ අතර ජුනි 15 දක්වා සතියක කාලයක් ලොවවටා ජනතා මනාප සඳහා අවස්ථාව ලබා දී තිබුණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aviation Voice නිර්මාතෘ දේව් කව්සල සමරජීව විසින් නිර්මාණය කළ වීඩියෝව වැඩිම ජනතා ප්‍රතිචාර (මනාප 28,000ක්) ලබාගනිමින් ජයග්‍රාහකයා ලෙස තේරී පත්ව ඇත.

පිළිවෙළින් මනාප 4,800ක් ලබාගත් ආජන්ටිනාව දෙවන ස්ථානයටත්, තුර්කිය තෙවන ස්ථානයටත් පත්විය. මෙම නිර්මාණය ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛ පෙළේ ගුවන්සේවා සමුළුවක් වන ICAO Global Aviation Gender Summit 2023 හිදී 2023 ජූලි මස 05දා විශේෂ ඇගයීමට ලක් කිරීමට නියමිතය.

පළමු ස්ථානය දිනාගත් වීඩියෝව පහතින්.

 

 

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website