ඉරිදා, 18 ජූනි 2023 10:20

පාසල් සිසුන්ට අත් දිග ඇඳුම් ඇඳීමට යෝජනාවක් Featured

පාසල් දරුවන්ට පාසල් කාලය තුළදී මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිග ඇඳුම් ඇඳීම සුදුසු බවට ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුව කළ යෝජනාව සම්බන්ධයෙනස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පිළිතුරු දුන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ ප්‍රකාශ කළේ මෙම යෝජනාව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළහොත් ප්‍රායෝගිකව ඉටු කළ හැකි ආකාරය ගැන සලකා බලන බවයි.

පාසල් සිසුන්ට අත් දිග ඇඳුම් ඇඳීමට යෝජනාව ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළය.

ඩෙංගු මර්දන පිළිබඳ බස්නාහිර පළාත් අනුකමිටුව රැස්වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණි.

ජනවාරි 01දා සිට මෙම සතිය වනතෙක් ඩෙංගු රෝගීන් 44530ක් වාර්තා වූ අතර මරණ 27ක් වාර්තා විය. මින් බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර පාසල් සිසුන්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබිණ. එය ප්‍රතිශතයක් ලෙස 30%කි. එම නිසා පාසල් සිසු සිසුවියන්ට අත් පා ආවරණය වන සුදුසු ඇඳුමක් ඇඳීමෙන් මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වා ගත හැකි බව ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුවේ අදහස වී ඇත.

 

(aruna.lk)

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website