සදුදා, 13 පෙබරවාරි 2023 20:03

අපි ප‍්‍රාදේශීය සභා දින්නට පස්සේ ජනාධිපතිවරණයක්.. ඒකෙන් රනිල් පන්නනවා.. Featured

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඉදිරියේදී නීතියේ විධාන ආධිපත්‍යය ඉටු කර සියලු දෙනාටම නීතිය සමානාත්මතාව ඇති කරන රටක් නිර්මාණය කරන බවත්, මත් උවදුර රටින් තුරන් කිරීමට කටයුතු කර ඒවා මෙරටට ගෙන්වන සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, බලයට හා ධනය මත නීතිය යටපත් වූ යුගය අවසන් කරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 11දා කෑගල්ල ජාතික ජන බලවේගයේ රැලිය අමතමින් පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

මාර්තු 9 වැනිදා පළාත් පාලන ආයතවල බලය ජාතික ජන බලවේගය ලබා ගත්තාට පසුව අපි කියනවා ආණ්ඩුවට තවදුරටත් බලයේ ඉන්න ජනවරමක් නෑ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කියලා. එදාට කලාවැවේ සොරොව්ව ඇරියා වගේ ආණ්ඩුව ඉවරයි. ඊළඟට ජනාධිපතිවරයාට කියනවා ඔයා ජනතාවගෙන් පත් වුණු කෙනෙක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ 134 දෙනාගේ ඡන්දයෙන් පත් වුණු කෙනෙක් ඒ නිසා ජනාධිපතිවරණය තියන්න කියලා. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් මහත්තයාත් ගෙදර යනවා.

රටේ තිබුණු දේශපාලන පළිගැනීමේ සංස්කෘතිය අපි නතර කරනවා. 2019 රනිල්ට මහා බැංකු හොරා කියපු මහින්දානන්ද රනිල් අත්අඩංගුවට ගන්න කල් නින්ද යන්නේ නෑ කීවා. වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධනත් කියනවා රනිල් හොරා කියලා. හොරු එලවන්න ජනතාගෙන් වරමක් ඉල්ලනවා. එහෙම පාර්ලිමේන්තු ගිය අය රනිල් ජනාධිපති කරන්න ඡන්දය පාවිච්චි කළා.

වෙනත් රටවල ඇමැතිවරුන්, අගමැතිවරුන්, මහ ඇමැතිවරුන් හොරකම් කළාම දඬුවම් දෙනවා. ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටවත් හොරකම් කළාට දඬුවමක් දෙන්නේ නෑ. හොරු රකිනවා. වසර හැත්තෑ ගාණක් පාලනය කළේ ඔළුගෙඩි මාරු කරලා විතරයි. හොරකම වංචාවු දූෂණය එහෙමම යනවා.එම නිසා මාර්තු 9 වැනිදා වෙනසක් කළ යුතුයි.එහෙම නොවුණොත් මේ ජීවත් වන වර්තමාන පරම්පරාවෙන් ඵලක් නෑ.

රනිල් සමග එකට ආණ්ඩුවේ හිටපු හොරු ටිකම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් වෙනම පැත්තකට ගියා. හිටපු හොරු බෙදුණා. ආයෙත් එන්නේ මේ හොරු ටිකම තමා. ඉතින් කොහොමද හොරු අල්ලන්නේ ? එම නිසා මේ රටට දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය
– Divaina

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website